![]() වෙසෙසි හරසර බුහුමන්
අරීසෙන් අහුබුදුවන් මෙ තෙක් ලබා ඇති හරසර බුහුමන් සම්මාන ඉතා බොහෝ ය. මෙහි සඳහන් කැරෙන්නේ එයින් ඉතා වැදැගත් කිහිපයක් පමණෙකි. සුබස සඟරාව මඟින් පවත්වන ලද පැදි තරග කිහිපයෙකින් ම මුල් තැන ලැබූ අහුබුදුවෝ 1940 දී කුමාරතුංගයන් අතින් කිවිති නම ලැබූ හ. 1945 දී ජයන්ත වීරසේකරයන් අතින් කිවි නම ලැබූ හ. 1962 දී හෙළ හවුලින් මහ කිවි යනු ද 1985 දී හෙළ උරුමයෙන් කිවිසුරු යනු ද ඔවුනට පිරිනැමිණ. 1984 දී කලාසූරී යන ගරු නමින් සිරිලක් රජය ඔවුනට බුහුමන් කළේ ය. 1991 දී හෙළ බස් ඉසුරු ගරු නම හෙළ හවුලින් පිරිනැමිණ. 1962 දී පරෙවිය කව සඳහා ද 1969 දී රස දහර මහ කව සඳහා ද 1987 දී අතු අගැ දිලි වන මල් ගී පොත සඳහා ද රජයේ සාහිත සම්මාන ඔවුනට පිරිනැමිණ. හඳයා චිත්‍රපටයට ලියූ ගී සඳහා 1979 හොඳ ම ගී පබඳුවාට හිමි සරසවි සම්මානය ද ඔවුනට හිමි වී ය.
|
| © March 2008 - March 2010 Ariesen Ahubudu. All Rights Reserved. Powered by GTS |